World

අඩි 4ක් දිග කඩුවක් ගත් ප්‍රහාරකයෙක් “අල්ලාහු අක්බර්” කියමින් බකිංහැම් මාලිගය ඉදිරියට පනී !

අඩි 4ක් පමණ දිග කඩුවක් අමෝරාගෙන අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දෙමින් සිටි පුද්ගලයෙකු බකිංහැම් මාලිගය අසලදී අත්අඩංගුවට පත්ව තිබේ.

ස්කෝට්ලන්ඩ් යාඩ් පොලීසියේ ප්‍රති-ත්‍රස්ත මෙසහෙයුම් ප්‍රධානී ඩීන් හෙයිඩන් පවසා සිටියේ මෝටර් රථයක පැමිණි මෙම පුද්ගලයා පොලිස් වාහනය දෙසට සිය රථය ධාවනය කර ඇති බවයි.

පසුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් මොහු මෙල්ල කර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මෙන්ම, මෙම පුද්ගලයාද තුවාල ලබා තිබේ. 26 හැවිරිදි සැකකරු ලූටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, ත්‍රස්ත මර්දන පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සමයේ අවස්ථා කිහිපයදීම යුරෝපයට සහ ලන්ඩනයට එල්ලවූ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර සමග එරට වැසියන් දැඩි භීතියකින් පසුවන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

අගමැති සටනින් ඇල්බනිස්ට ජය!

Admin

ISIS සතු ගුවන් යානා නාශක මිසයිල පද්දතිය විනාශයි – ඉලක්ක 33 කට රුසියානු ප්‍රහාර

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු අගවයි

colombotoday

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin

රජ පවුල සමග ගෙවූ ජීවිතය දුෂ්කරයි සමහර අවස්ථාවල සියදිවි හානි කරගන්න හිතුනා – මෙගන් මාකල්

colombotoday

ආගමික විශ්වාසයක් මත නිරාහාරව සිටි පුද්ගලයින් 47ක් මිය යයි

Admin