Colombo Today Local News

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාවෙන් රුපියල් ටි්‍රලියනයකට වඩා රජයට අලාභයක්‌ සිදුව ඇති බව තමා යළිත් නොබියව ප්‍රකාශ කරන බව රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මෙම පාඩුවේ ප්‍රමාණය ගැන මීට පෙර කියද්දී තමාට ගණන් බැරි බව ඇතමුන් ප්‍රකාශ කළ බවද තමා ගණන්කාරයෙක්‌ නොවුණත් හොඳට ගණන් දන්නා බවද වසර 07 ක්‌ පමණ බැංකුවක රැකියාව කළ බවද ඇමැතිවරයා කීය.

පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම 2015/2016 වර්ෂවල ලාභය රුපියල් මිලියන 25000 ක්‌ පෙන්වා ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා මේ සා විශාල ලාභයක්‌ ලැබීමට හේතුව පොලී අනුපාතය වැඩි කිරීම බවද කියා සිටියේය.

මෙම ලාභය නිසා වසර 30 ක්‌ යන විට රජයට ටි්‍රලියනයකට වඩා පාඩුවක්‌ වන බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි බවද ඊයේ (17 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

Related posts

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin

කටුනායක ගුවන්තොටේ ඉඩම් බදු දෙයි.. කොටසක් සිංගප්පූරුවට.. කොටසක් මැලේසියාවට

colombotoday

“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ.. උපවාස කරාට ඇප දෙන්නෑ“ – අනුර දිසානායක

colombotoday

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday

ජනපති මෛත්‍රී පොළොන්නරුවේදී පොසොන් බැති ගී ගයයි (Video)

colombotoday