Colombo Today Local News

බැඳුම්කර ලාභයෙන් කොටසක් ඇලෝසියස්ගේ අරක්කු සමාගමට !

බැඳුම්කර ගනුදෙනුව මගින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් ලාභයෙන් කොටසක් තවත් සමාගමකට ලාභාංශ ලෙස බෙදා දී ඇති බව අනාවරණය වී තිබේ.

බැඳුම්කර කොමිසම අද රැස්වූ අවස්ථාවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතාගේ සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

2014 වසරේ සිට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් ලාභයෙන් පර්පෙචුවල් ඇසට්ස් මැනේජ්මන්ට් සමාගමට ලබාදුන් රුපියල් මිලියන 712ක ලාභාංශ යොදවන ලද ආයෝජන පිළිබඳ ඊයේ දිනයේ කරුණු දැක්වීමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා අපොහොසත් විය.

කෙසේවෙතත් ඊයේ දිනයේ කොමිසම ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා පර්පෙචුවල් ඇසට්ස් මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූයේ 2016 පෙබරවාරි මාසයේ වන බැවින් එම වසරේ ආයෝජන සම්බන්ධයෙන් කොමිසමට කරුණු දැක්වීමට තමන්ට හැකි බවයි.

ඒ අනුව 2016 වසරේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මගින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් ලාභයෙන් රුපියල් කෝටි 34කට අධික මුදලක් අර්ජුන් ඇලෝෂියස් සහ ඔහුගේ පියා අධ්‍යක්ෂ ධූර දරන සමාගමකට ලාභාංශ ලෙස බෙදා දී ඇති බව කසුන් පලිසේන මහතා පවසා තිබේ.

මේ අතර බැඳුම්කර කොමිසමේ නියෝගයකට අනුව ඩබ්ලිව් .එම්. මෙන්ඩිස් සමාගම කොමිසමට ඉදිරිපත් කළ ගිණුම් දත්තවල අඩුපාඩු පවතින බව අද කොමිසමේ සභාපති කේ.ටී චිත්‍රසිරි මහතා ප්‍රකාශ කර තිබේ.

කොමිසම නියෝග කළ ආකාරයට ආදායම් සහ වියදම් අන්තර්ගත ගිණුම් දත්ත හැකි ඉක්මනින් කොමිසමට භාරදෙන ලෙස සභාපතිවරයා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ නීතීඥවරයාට දැනුම් දුන් බව සඳහන්ය.

 

Related posts

මතුගම දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග රිවෝල්වරයක් සොයා ගැනේ

colombotoday

පූනකරි වැවේ ස්ථාපනයට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතියට අනුමැතිය

Admin

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

ගෝඨාභයගේ නගර පිරිසිදු කිරීමෙන් කොළඹ 07 සිටි බල්ලන් අතුරුදන්කරලා… අපි විරෝධය දක්වනවා – පෙරටුගාමීන්

colombotoday

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday