Colombo Today Local News

නව දේශීය ආදායම් පනතෙන් පූජනීය ස්ථානවලටත් බද්දක් !

දේශීය අදායම් බදු පනත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝග අනුව එහි ඇතැම් වගන්ති ඉවත් කළද මෙම පනත සම්මත වුවහොත් මතෛක් බදු නොගෙවූ පූජනීය ස්ථාන මෙන්ම සුළු ව්‍යාපාරිකයාටත් විශාල බදු මුදල් ගෙවන්නට සිදු වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ රජයේ 2006 අංක 10 දරන දේශීය ආදායම් බදු පනතේ තුන්වන පරිච්ජේදය පිටු 44කින් යුතුව මෙරටේ සුළු ව්‍යාපරිකයන් ඇතැම් කේෂ්ත්‍ර 13ක පුද්ගලයන් බදු සහන හෝ බදු නිදහස ලබා දී තිබූ බව සිහිපත් කළ මන්ත්‍රී්‍රවරයා මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බදු පනතේ එම ජේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද සඳහන් කළේය.

1815 මාර්තු 05 දිනට පෙර රාජකීය ප්‍රදානයක් ලෙස සැලකූ ආගමික සිද්ධස්ථාන සියල්ල බද්දෙන් නිදහස් කිරීමට මතෛක් පැවැති රජයක් කටයුතු කර තිබුණද මෙවර පනතින් එම සියලු සිද්ධස්ථානද බද්දට වෙන් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරන්නේය.

මේ සම්බන්ධයෙන් මෙරටේ සියලු ආගමික නායකයන් හා වෘත්තිකයන් සියලු දෙනා අවබෝධයෙන් යුතුව දේශීය ආදායම් බදු පනත නැවත සංශෝධනය කර ගැනීම සඳහා බලපෑම් කළ යුතු බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

Related posts

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

colombotoday

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

colombotoday

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

Admin

කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඕන.. සිංහල නිලධාරීන් එපා – මුස්ලිම් කොංග්‍රසයෙන් නැවතත් බෙදුම්වාදී ඉල්ලීම්

colombotoday