Colombo Today Local News

රවී නැති කැබිනට් හමුවේදී ජනපතිගෙගන් එජාපය ට දොස් මුරයක් !

ඊයේ 09 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට විදේශ ඇමති රවී කරුණානායක මහතා සහභාගී නොවූ අතර, ඒ මහතා සම්බන්ධයෙන් සිදුවූ කතා බහකදි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.

රාජිත සේනාරත්න ඇමතිවරයා අදහස් දක්වමින් ගෙවල් සහ දුරකථන බිල් පිළිබඳව සොයන කොමිසමට බැඳුම්කර අමතක වී ඇත්ද යන්න ප්‍රශ්න කර සිටියා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “මම දැක්කා හරීනුත් කියලා තියෙනවා හොරු ඇල්ලීම ගැන. මම තනිවම නෙමේ කොමිසම දැම්මේ ” යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇමති හරීන් ප්‍රනාන්දු එහිදී සඳහන් කර ඇත්තේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිදුවීමේදී නීතිපති දෙපාර්තමේන්තුව ඉක්මනින් කටයුතු කරන ආකාරයෙන් අනෙකුත් නඩු සඳහා ද කටයුතු කල යුතු බවයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ නීතිපති නම් කළේද අගමැතිවරයා බවයි.

මෙම කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ක්‍රියා කළාපය දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙනවා.

Related posts

හිටපු ප්‍රබල ඇමති තිදෙනෙක් අසනීප තත්ත්වයෙන් රටින් පනින්න යයි !

colombotoday

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 142ක් කොවිඩ් ආසාදිතව මිය ගිහින්

colombotoday

මහින්ද ආරක්ෂක මණ්ඩලයේ නිදි කිර කිර හිටිය විතරයි.. යුද්ධය කර දිනුවේ අපියි -ෆොන්සේකා

colombotoday

ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

colombotoday

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin