Colombo Today Local News

“කෝටි 800 වංචාවක් ගැන මම දන්නෑ.. ටෙලිකොම් පාලනය කරන්න මට බලයක් නෑ..” – ඇමති හරීන්

ටෙලිකොම් සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තීරණ ගැනිමට තමන්ට බලයක් නොමැති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ටෙලිකොම් සමාගමේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් රුපියල් කෝටි 800කට අධික වටිනාකමින් යුත් අබලි කේබල් තොගයක් ඇමැති හරීන් ප්‍රනාන්දු ඔහුගේ හිතවත් සමාගම් දෙකකට පිරිනැමීමේ සූදානමක් පවතින බවට පසුගිය දින කිහිපයේ අන්තර්ජාලයේ පලවු වාර්තා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියා.

ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළ යටතේ ක්‍රියාත්මක වන සමාගමක් බවත් ඉන් 26%ක කොටස් ප්‍රමාණයක් මැලේසියානු සමාගමක් සතු වන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා සමාගම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයට මිස ඇමැතිවරයාට නොවන බව ප්‍රකාශ කල අතර ටෙලිකොම් සමාගමේ ක්‍රියාකාරකම් සඳහා නිර්දේශයක් හෝ ලබාදීමේ අයිතියක් තමන් සතු නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ස්වාධීන කොමිෂන් සභා කාර්යක්ෂම කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා යම් සිදුවීමක් සම්බන්ධයෙන් පත්කරනු ලබන ජනාධිපති කොමිෂන් සභා හරහා පරීක්ෂණ කඩිනම් බව සිතන්නේ නම් කොමිෂමක් පත් කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉල්ලා සිටියේය.

පසුගිය කාලයේ දී ටෙලිකොම් ආයතනය වෙතින් දුරකතන සම්බන්ධතා ලබාදීමට අති විශාල රැහැන් තොග භාවිත කළද වර්තමාන තාක්ෂණ දියුණුවත් සමග එම භාවිතයන් අවම වී ගොස් ඇති හෙයින් ටෙලිකොම් ආයතනය සතු තඹ රැහැන් අළෙවි කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ආයතනයේ පිළිගත් ක්‍රමවේදය අනුගමනය කළ බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරි ලයනල් ඉඹුලාන එහිදි කියා සිටියේ ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ වත්මන් ජනාධිපති සොහොයුරු කුමාරසිංහ සිරි‍සේනයි.

චෝදනා එල්ල වන ටෙන්ඩරය පිළිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය මෙතැනින්

[fbvideo link=”https://www.facebook.com/mpharin.fernando/videos/1950064578353399/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

“මට ඇපල් ෆෝන් එකේ පාස්වර්ඩ් මතක නෑ” – බැදුම්කර බෑණා තවත් වංගුවක් දමයි !

colombotoday

මහඑළිය රක්ෂිතයේ වැටලිමකට ගිය වන අඩවි ආරක්ෂක නිලධාරින් පිරිසක් අතරමං වෙයි.

colombotoday

අපිටත් බෑ.. කාටවත් බෑ.. දහවැනිදා ප්‍රතිපලේ ගැන සුසිල් කියයි

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !

colombotoday

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

colombotoday