Colombo Today Local News

බැදුම්කරයට නොදෙවෙනි ගැහිල්ලකට ටෙලිකොම් සැරසේ ! වහා ඉස්තාලය වසා දමනු…

විශාලම සොරකම ලෙස සැලැකෙන බැඳුම්කර වංචාවට නොදෙවෙනි වංචාවක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සිදු කිරීමට සැරසෙන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් නිකුත්කර ඇති අදාළ නිවේදනයේ අබලි කේබල් තොගයක් අමාත්‍යවරයාට හිතැති සමාගම් දෙකක් වෙත පිරිනැමීමට ටෙලිකොම් සමාගම විසින් ටෙන්ඩර් කැඳවීමට සම්බන්ධ ප්‍රසම්පාදන කාර්යය සංග්‍රහය උල්ලංඝණය කරමින් කටයුතු කරමින් සිටින බවට චෝදනා කර සිටී.

එම අබලි කේබල් තොගය විකුණා දැමීමට ඉදිරිපත් කර ඇති ටෙන්ඩරයේ කේබල් තොගයේ ප්‍රමාණය නොදක්වා ඇති බවද එය අතයට ගනුදෙනුවකට පාර කැපීමක් බවද නිවේදනයේ දැක්වේ.

මෙම කේබල් තොගය බිම අතුරා ඇති බවත්, ඒ පිළිබදව වන සටහන් ටෙලිකොම් සමාගම සතුව බවත් එමගින් අදාළ කේබල් තොගයේ බර පිළිබදව ඉංජිනේරුවරුනට පැහැදිලිව සටහන් කිරීමට හැකියාව තිබියදී මෙසේ අබලි කේබල් තොගයේ බර සදහන් නොකර ටෙන්ඩර් කැදවීම වංචාවක් බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

අදාළ ටෙන්ඩරය අනිදා අගෝස්තු 10 විවෘත කිරීමට නියමිත බවද පැවසේ.

එම නිවේදනය පහතින්

Related posts

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

colombotoday

පාර්ලිමේන්තුව නැවත් කල් තබයි

colombotoday

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

Admin

ප්‍රශ්නයක් අහපු ගමන් ලිච්ඡවී පැන දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා

colombotoday

බෙන්තර ඇල්පිටියෙන් සජිත් හාන්සියි… 66.7% ප්‍රතිශතයකින් ගෝඨා ජයගනී !

colombotoday