Colombo Today Local News

කුඩු ජාවාරම් කරන්නේ කැබිනට් ඇමතිලා සහ සහචරයෝ නොවේද? – සරසවි ආචාර්යවරු ජනපතිගෙන් විමසති

කැබිනට් ඇමතිවරු සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල පිරිස් ඍජුවම කුඩු ජාවාරමට සම්බන්ධවීමත් රජය ඒ ගැන නිහඬ ප්‍රත්පත්තියක් අනුගමනය කිරීමත් ගැන ප්‍රශ්න කරමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

පහත දැක්වෙන්නේ එම ලිපියයි.

07.08.2017

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

මත්ද්‍රව්‍ය ජාවාරමට කැබිනට් ඇමතිවරුන්ගේ සම්බන්ධය

පෙරේදා දින පැවති උත්සවයක දී රටේ පාසැල් ළමුන් මත්ද්‍රව්‍ය කරා යොමුවීමේ ඉහළ ප්‍රවනතාවක් ඇතැයි ද ඒ වැළක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ද ඔබතුමා ප්‍රකාශ කරනු අපි ජනමාධ්‍ය මගින් දුටුවෙමු. ඔබතුමා මේ පිලිබඳ දක්වන උනන්දුව සහ අවධානය අපගේ ඇගැයීමට ලක්වේ.

රටේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අපගේ නිරීක්ෂණ කිහිපයක් පහත පරිදි වේ.

1) අප සංගමයේ සාමාජික ආචාර්යභවතුන් අප දැනුම්වත් කර ඇති පරිදි මෑතක සිට රට පුරා විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කසිප්පු, ගංජා, හෂීශ්, හෙරොයින් සහ තවත් විවිධ නම්වලින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය සුලභ වෙමින් ඇත.

2) මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන හිතා මතාම නොසැලිකිලිමත් ලෙස කටයුතු කරන අතර වරදකරුවන් හසු වුවද නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන වගක් පෙනී යයි.

3) රජයේ කැබිනට් ඇමතිවරුන්ගේ ආශීර්වාදය, අනුදැනුම, රැකවරණය මත්ද්‍රව්‍ය ජාවාරමට ලැබී ඇති බව ජනතාව අතර විවිධ තොරතුරු සංසරණය වෙමින් ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම සීනි ආනයනය කළ බහාලුම්වල මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනින් හමු වුවද ඒවා ගෙන ආ අයෙක්, වරදකරුවෙක් වූ අයෙක් හෝ අඩුම ගන්නේ එම මත්ද්‍රව්‍යවලට වූ දෙයක් හෝ දැන ගැනීමට නැත.

4) පසුගිය සතියේ වෙළද අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට අයත් වන සතොස ආයතනයේ වාහනයක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් හමු විය. අද දිනයේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් සමග හසුවී ඇති බව ජනමාධ්‍ය වාර්තා කර ඇත. මෙවැනි සිදුවීම් ජනතාව තුල මතුවෙමින් ඇති සැක සංකා සනාථ කරයි.

යහපාලන ප්‍රතිපත්ති, මූලධර්ම අනුව රාජ්‍ය පාලනය කරන ඔබතුමාටත් රජයටත් මේ සිදුවීම් අගතිගාමී ලෙස බලපායි. තව ද මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය රට පුරා ව්‍යාප්තවීම මුළුමහත් ජාතියක, ජන සමාජයක අනාගතය විනාශ කර දමයි. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය අප්‍රමාදීව යොමු කර තරාතිරම නොබලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මෙන්ම ඔවුන්ට උල්පන්දම් දෙන සියලු දෙනාට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය

අත්සන් කළේ,

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්න ජයසුමන

Related posts

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

colombotoday

පුජිතට සහ නාලකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ජාතික පොලිස් කොමිෂන් සභාවට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවල නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

කොරෝනා වයිරසයෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ෆේස්බුක් දැමු පුද්ගලයෙකු රිමාන්ඩ්

colombotoday

ආසාදිතයෙකු වාර්තා වූ පමණින් වෙළඳසැල් හෝ ආයතන දීර්ඝ කාලයක් වසා දැමීමේ අවශ්‍යතාවයක් නැ.

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday