Colombo Today Local News

උතුරු කොරියාවට විරෝධය දැක්වීම : ජනපති දැනන් හිටියේ නැතිලු..!

උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව “මඩ ගැසීමක්” සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

“ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව” යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

“එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

BBC

Related posts

කොටින්ගේ ගුවන් පථ හයක් යළි බාර දී ඉවත් වෙන්නැයි හමුදාවට දැඩි බලපෑම් !!

colombotoday

සීමා නීර්ණ ගැසට් පත්‍රය නිකුත් වෙයි.. කොට්ඨාසවලට අයත් සභික සංඛ්‍යාව, සියළු විස්තර මෙතනින්

colombotoday

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday

නව පාර්ලිමේන්තු සැසිය අද ආරම්භ වෙයි… ආචාර වෙඩිමුර, පෙළපාලි කිසිවක් නෑ !

colombotoday

අවුරුද්දක් අඩු නොකලානම් අදත් ජනපති මමයි… 19ට මම විරුද්ධයි – මෛත්‍රී පශ්චාත්තාප වෙයි

colombotoday