Colombo Today Local News

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය. මේ සඳහා ජනාධිපති නීතිඥවරයෙකුගේ උපදෙස් මත නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මඩුල්ලක් අමාත්‍යවරයා වෙනුවෙන් අද දින පෙනි සිටිමට නියමිතය.

මෙම කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍යවරයා විසින් කිසිවෙකු බලාපොරොත්තු නොවන ආකාරයේ තොරතුරු කිහිපයක් මෙන්ම බැදුම්ඊකර වංචාවට සම්බන්ධව පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන වැදගත් සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත බව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

බැදුම්කර වංචාව සිදුවන අවදියේ සිටි මහා බැංකුවේ අධිපතිවරයා වන සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් පත්කොට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මෙන්ම මෙම වංචාව සිදු වනවිට මහා බැංකුව අයත් වූයේ රවි කරුණානායක මහතා භාරව සිටි මුදල් අමාත්‍යාංශයට නොව අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ආර්ථික කටයුතු අමාත්‍යාංශයට ය.

Related posts

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday

දෙමළ ජනතාවට බලය දෙන්න 13 සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ මමයි – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin

කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ – ඇමති කංචන කියයි

Admin

ජනපතිට විරෝධය පලකර එජාප මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

colombotoday