Colombo Today Local News

“තෙල් සේවකයන්ට ගහපු එක සාධාරණයි.. ඕව මොනවද, පොඩි කේස්නෙ” – නලින් බණ්ඩාර

වර්ජනයේ නියුතු ඛනිජ තෙල් සේවකයන්ට එල්ල කළ ප්‍රහාරය සාධාරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (27) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

කොළොන්නාව ආශ්‍රිතව ජීවත් වන බොහෝ දෙනා තෙල් සංකීර්ණයත් සමඟ බද්ධ වූ වක්‍ර රැකියා කරන අය බවත් තමන් ජීවිකාව ගෙන යන කර්මාන්තය බලහත්කාරයෙන් වසා ගෙන සිටින විට වේදනාවට පත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එවැනි අවස්ථාවක් මෙවන් හැසිරීමක් සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් එය සංවිධානාත්මක ප්‍රහාරයක් නොවන බව හෙතෙම පැවසුවේය. එම ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් මරික්කාර් මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් නොවන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

හම්බන්තොට වරායේ පවතින තෙල් ටැංකි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් තෙල් ටැංකි වන හෙයින් ඛනිජ තෙල් සංස්ථාවට කිසිදු අයිතියක් නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා, එලෙස අයිතියක් නොමැති තෙල් ටැංකි ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කළේය.

Related posts

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

colombotoday

අපි ගෙනා අලුත් ක්‍රමය හරි නෑ.. පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයටම – ඇමති අකිල

colombotoday

මරණීය දඬුවම හිමි වූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව !

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම කල් යයි

colombotoday

සිරසFM ,Y FM, Yes FM, Shakthi FM නාලිකා 4ක් මරික්කාර් යටතට.. පාර්ලිමේන්තු නොයෙන මන්ත්‍රීන් අතරේ මරික්කාර් පෙරමුණට

colombotoday

ගීතාට මන්ත්‍රීකම් බෑ – නීතිපති දන්වයි

colombotoday