Colombo Today Local News

ඛනිජ තෙල් වර්ජනය තව දුරටත්.. රට පුරා තෙල් හිගයක්.. තෙල් නැතිව දිග පෝලිම් !

ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා තිබේ.

ත්‍රිකුණාමල චීන වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම හා හම්බන්තොට තෙල් ටැංකි චීනයට පැවරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කර ඇත.

මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව පැවසීමත් සමඟ දිවයින පුරා ඉන්ධන හල්වල ඊයේ රාත්‍රීයේ සහ අද පෙරවරුවේ දැඩි රථ වහන පොලිම් දක්නට ලැබිණි.

මේ අතර ඛණිජතෙල් වෘත්තීය එකමුතුව සදහන් කරන්නේ අද පස්වරුව වන විට ඛනිජතෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගන්නා ඉන්ධන අලෙවිසැල්වලින් 60% වැඩි ප්‍රමාණයක ඉන්ධන මේ වන විට අවසන්වී ඇති බවයි.

Related posts

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

Admin

“අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ.” ඇමති රවී කරුණානායක

colombotoday

ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය අදින් අවසන්

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

colombotoday

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

colombotoday

ණය බරට වස බී මවට අසාධ්‍යයි… පස් හැවිරිදි පුතු මිය යයි

Admin