Colombo Today Local News

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

කොළඹ වරායට අනුබද්ධව ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජයට යෝජනා කර ඇතැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉදිරි වසර 10 තුළදී එය ඉදිකළහොත් කටුනායක ගුවන් තොටුපොළට නොගොස් කොළඹින්ම ගුවන්ගතවීමේ අවස්ථාව ලැබෙන බවද ඔහු පවසා සිටියේය.

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකලේ කොළඹ කසළ කළමණාකරණයට දහසක බලකායක් ඇති කිරීම සඳහා කොළඹ නව නගර ශාලාවේ පැවැති හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ලබන වසරේ ජූනි මාසයේ දී කොළඹ ඉදිවන මූල්‍ය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. ප‍්‍රධාන වශයෙන් ලෝකයේම තිබෙන බැංකු එම ස්ථානයට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ දකුණු වරායට අමතරව නැගෙනහිර හා බටහිර වරාය ඊ ළඟ අවුරුදු 5 තුළදී ගොඩනැගෙනවා. එය සමග නව ජවයක් කොළඹ වරායට ලැබෙනවා. කොළඹ වරාය මේ කලාපයේ ශක්තිමත්ම වරාය බවට ඉදිරිකාලයේ දී අපි පරිවර්ථනය කරනවා.

එසේම අපි රජයට යෝජනා කර තිබෙනවා වරායට අනුබද්ධිතව ගුවන්තොටුපලක් ඉදිකිරීමටත් එමගින් කටුනායකට නොගිහින් කොටුවෙන්ම ගුවන්ගත වීමට හැකියාවලැබෙනවා ඉදිරි වසර 10 තුළ එම යෝජනාව කි‍්‍රයාත්මක කළහොත්. මෙම ආයෝජකයින් කොළඹට එන්නේ නගරය ලස්සනව පිරිසිදුව විධිමත් නගරයක් ලෙස තිබුණොත් පමණයි. එසේම අලූත් පිම්මක් ගැනීමට නම් නගරයේ දූ දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදිය යුතුයි. විශ්ව විද්‍යලවලට, වෛද්‍යපීඨටයට, ඉංජිනේරුපීඨයට වගේම කොළඹ නගරයේ ප‍්‍රධාන පාසල්වලට නගරයේ දරුවන් යොමුකළ යුතුයි. ඒවායේ බොහෝමයක් අධ්‍යාපනය ලබන්නේ කොළඹින් පිට දරුවන්. එම ස්ථාන කොළඹ අපේ දරුවන්ගේ ස්ථාන බවට පත්කරගන්න ලෑස්තිවිය යුතුයි ඊළඟ යුගයට කොළඹ රැගෙන යාමට“

Related posts

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹෙයි

Admin

විදේශ රැකියා අපෙක්ෂකයන්ගේ පොලිස් සහතිකය නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක්

Admin

තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකිවුණා – ජනපති

colombotoday

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday