Colombo Today Local News

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

මුදවපු කිරිවලට ඇති ඉල්ලුම නිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවති ජාත්‍යන්තර සත්ව ආහාර, පශු සම්පත් සහ සත්ව සෞඛ්‍ය ප්‍රදර්ශනය විවෘත කරමින් ඒ මහතා මේ බව පැවසීය.

“අප රටේ අද වනවිට පුද්ගලික කිරි පට්ටි 20,000 ක් පමණ සහ මී හරක් පට්ටි 5,000ක් පමණ තිබෙනවා. ඊට අමතර විශාල පට්ටිත් ඇතිකරගෙන යනවා.ඇත්ත වශයෙන්ම අද අපි සූදානම් වන්නේ මේ ක්ෂේත්‍රයේ තරඟකාරී නවීකරණයක් ඇති කිරීමටයි. ඉස්සර මේ ක්ෂේත්‍රයේ නිරත වූණේ පුද්ගලික අංශයයි.“

“ජනපතිවරයා කිරි ගොවීන් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක නියෝජනය කරනවා.අගමැති වරයා වශයෙන් මම නියෝජනය කරන්නේ කිරි පාරිභෝගිකයන් සිටින ප්‍රදේශයයි.මේක ජාතික ආණ්ඩුවක්. නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් යන දෙපිරිසම එහි ඉන්නවා. “ යැයිද අගමැතිවරයා පැවසීය.

Related posts

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි

Admin

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

colombotoday

අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී

Admin

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

මහින්ද නෙරපයි? ඇමති දුමින්ද දිසානායකගේ තීරණය මෙන්න

colombotoday

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

colombotoday