Colombo Today Local News

ඉතිහාසය ඉවතට.. ‘සංහිදියාව‘ තකා පාසල් විෂය නිර්දේශයත් ළගදීම වෙනසකට !

‘ඉතිහාසය‘ පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත.

ඒ සමගම දැනට පවතින භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය යන විෂයන්ද ඉවත් කර ඒ වෙනුවට ප්‍රජාචාරය සහ සමාජ අධ්‍යයනය විෂය හදුන්වා දීය යුතු බවත්, ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප එම විෂයයට ඇතුළත් විය යුතු බවත් එම යෝජනාවේ සදහන් වේ.

සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස්‌කරන ලද යෝජනා මාලාවේ ඉහත යෝජනාව ඇතුළත්ව ඇති අතර, සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පවතින ප්‍රායෝගික හා තාක්‌ෂණ කුසලතා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය මෙන්ම අලුතින් හඳුන්වාදීමට යෝජනා කර ඇති ප්‍රජාචාරය සහ සමාජ අධ්‍යයනය විෂයයටද ජීවන කුසලතා අන්තර්ගත කිරීම අවශ්‍ය බවද එහි සඳහන්ව තිබේ.

සංහිදියාව ගොඩනැගීම සදහා පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවත් කර, සියලු ආගම් පිළිබදව අධ්‍යාපනය ලබා දෙන නවතම විෂයක් එක් කිරීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංගගේ ප්‍රධානීත්වයෙන් යුතු ‘ජාතික සංහිදියාව සදහා වූ කාර්යාලය‘ විසින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙත යෝජනා කර තිබිණි. ඉතිහාසය විෂයෙහි සදහන් කරුණු හේතුවෙන් අන්‍යාගමිකයන්ගේ සිත් රිදෙන්නේ යැයි පවසමින් ඉතිසය විෂයද පාසල් විෂය මාළාවෙන් ඉවත් කළ යුතු යැයි ද ‘ජාතික සංහිදියාව සදහා වූ කාර්යාලය‘ යෝජනා ඉදිරිපත් කර තිබිණි.

Related posts

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ගැන එපික් ලංකා සමාගමේ ප්‍රතිචාරය

colombotoday

(Video) පොලීසිය අල්ලයි මගෙ පස්ස !

colombotoday

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පොලීසිය මුදා හරී

colombotoday

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday