Colombo Today Local News

GMOA ට එරෙහිව තවත් වෛද්‍ය සංගමයක්.. රාජිත සමග අද වැඩ අරඹයි !

එහි මහා සභා රැස්වීම සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දහවල් කොලඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.

මීට ඉහත දී බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් ක්‍රියාත්මක වූ සංගමය ‘ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය‘ නමින් වෙනස් කොට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් වසර දෙකක පමණ කාලයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි නිසා කලකිරීමට පත් වෛද්‍යවරුන් විශාල පිරිසක් තම සංගමය සමඟ එක්ව සිටින බව ද ඔහු පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පසෙකලා වෙනත් න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන හෙයින් නව සංගමයට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

Related posts

කල්මුනේ වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයේ පුද්ගල මල සිරුරු 15ක් හමුවෙයි

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

colombotoday

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට මාර්තු 1ට පෙර රැකියා !

colombotoday