Colombo Today Local News

රාජ්‍ය අනුග්‍රහයෙන් අස්ගිරි මහානාහිමියන්ට මඩ ගැසූ භික්ෂුවට කළකම් පල දේ..!

“හීනටියේ සමිත“ යන නමින් භික්ෂූවක් ලෙස පෙනී සිටිමින් සමාජ විරෝධී ක්‍රියා රැසක් සිදුකළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක්ද අද (10) නියම කළේය.

පිරිමි දරුවන් දෙදෙනකු අපයෝජනය කිරිම සම්බන්ධව නඩුව පවරා තිබුණ අතර රජයේ නීතිඥවරයා විසින් එම චෝදනාවන්ට මෙම භික්ෂූවේශධාරියා වැරැදිකරු බව සැකයෙන් තොරව ඔප්පු කිරීම නිසා කොළඹ මහාධිකරණ විනිශ්චයකාරතුමා විසින් මෙසේ බරපතළ වැඩ සහිතව තුන් අවුරුදු සිර දඩුවම් නියම කලේය.

පසුගිය දා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ විසින් ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පලකරමින් නිකුත් කළ නිවේදනයට එරෙහිව හීනටියේ සමිත යන නමින්පෙනී සිටි මෙම හිමි නම, තවත් භික්ෂූන් දෙදෙනෙකු සමග මාධ්‍ය හමුවක් කැදවා මහා නාහිමියන්ව දැඩි ලෙස අපහාසයට ලක් කරමින් අදහස් ප්‍රකාශ කර තිබිණි.

සියළු ආගම්වලට සමතැන හිමිවන, බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බවද ඔවුහු එහිදී ප්‍රකාශ කර සිටියේය. ‘හීනටියේ සමිත‘ හිමිනම එහිදී බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද දැඩි ලෙස අපහාසයට ලක් කර සිටියේය. මෙම භික්ෂූන් තිදෙනාගේ ප්‍රකාශ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නැවත නැවත ප්‍රචාරයක කරමින් අස්ගිරි මහානාහිමියන් හෑල්ලුවට ලක්කරනු නීරීක්ෂණය විය.

වැඩිදුර තොරතුරු සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ ‘හීනටියේ සමිත‘ නමින් පෙනී සිටි මෙම තැනැත්තා 2013 මාර්තු 03 වනදා බොදු බල සේනා සංවිධානය විසින් කොටුකර පොලීසියට බාර දුන් තැනැත්තෙකු බවයි.

ඒ පිළිබද සමාජ ජාලාවල හුවමාරු වූ පලකිරීමක් පහතින්

Related posts

වරායේ 55 පැන්න අධ්‍යක්ෂ තියා ගන්න සාගලගෙන් සංදේශ තුනක්

colombotoday

මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලවේ සිවිල් සේවකයෙකුට කොරෝනා

colombotoday

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

කුඩ්ඩෝ දිනකට කෝටි තුනක් වළලයි

colombotoday

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

Admin

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday