Colombo Today Local News

රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාද් බදුර්දීන් උප ජනාධිපති තනතුරු ඉල්ලයි !

ජනාධිපතිට අමතරව ශ්‍රී ලංකාව තුළ සිටින අනිකුත් ජන සමූහය වෙතින් උප ජනාධිපතිවරුන් තිදෙනකුද පත් කළ යුතු යෑයි යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අතුරු කමිටුව වෙත නිර්දේශ යෝජනා කරන සුළුපක්‍ෂ හතරක ප්‍රධානීන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, ද්‍රවිඩ ප්‍රගතිශීලී සංධානයේ මනෝ ගනේෂන්, ඕල්සිලෝන් මක්‌කල් කොන්ග්‍රසයේ රිෂාද් බදුර්දින් සහ ඊ. පී. ඩී. පී නායක ඩග්ලස්‌ දේවානන්ද යන දේශපාලන නායකයන් මෙම ඉල්ලීම කර තිබේ.

එහෙත් ඇමරිකාවේ හෝ ඉන්දියාවේ පවා උප ජනාධිපතිවරු තිදෙනෙක්‌ නැත. මේ හැර ජනාධිපතිවරයාට ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පමණක්‌ පැවරිය යුතු බවටද ඔව්හු නිර්දේශ කර ඇත.

මෙයට අමතරව මෙතෙක්‌ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාව මින්මතුවට එක්‌සත් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම්කරන ලෙසද එම දේශපාලන නායකයන් ඉල්ලා තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ සිටින ඉන්දීය ද්‍රවිඩයන්ටද ව්‍යවස්‌ථාමය හිමිකම් ලබාදිය යුතු බවටද යෝජනා කර ඇති මෙම පිරිස ඉඩම් හා පොලිස්‌ බලතල ද පළාත්වලට දිය යුතු බව කියා සිටී.

මෙම සුළු පක්‍ෂ නායකයන් පිරිස වැඩිදුරටත් දන්වා ඇත්තේ මින්මතු ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරුන් පත් කිරීම නොකළ යුතු බවයි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

“සියළු බලතල අපට ඕන” විග්නේෂ්වරන් ජනපති නියෝජිතයාගේ මූණටම කියයි

colombotoday

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

පදමට සූර් වී සිරකරුවන් ප්‍රවාහනය කළ ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට

colombotoday

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday

‘දානෙ වලදනවාට වඩා යැපුනේ බඩගෝස්තරයෙන්’ ඇමති ෆොන්සේකාගෙන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අවළාද [Video]

colombotoday