Colombo Today Local News

“පෙන්නන්නෙම උද්ඝෝෂණ, කලබල.. දකින අය හිතන්නේ රටේ ආණ්ඩුවක් නෑ කියල“ – ජනපති

ලංකාවේ රූපවාහිනිය නරඹන කවරම හෝ පුද්ගලයෙකුට ලංකාව යනු රටක් නොවන බව හෝ එම රටේ ආණ්ඩුවක් නොපතිනව බව හෝ හැඟී යන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පහුගිය දින වලදි රූපවාහිනි නැරඹීමේදි තමන්ට පවා එම හැගීම ඇති වූ බවත් සිදු වූ දෙයට හාත්පසින්ම විරුද්ධ දෙයක් මාධ්‍ය මගින් විකාශනය කරන බවත් ජනාධිපතිවරයා පවසා සිටියේ රත්නපුර ප්‍රදේශයේ ළමා වාට්ටුවක් විවෘත කිරීමෙන් පසුවය.

ජනතා ආකර්ශනය ලබා ගැනීම සඳහා මාධ්‍ය මගින් විකාශනය කරන සමහර සිදුවීම් නිසා රටේ සංවර්ධන ප්‍රගතිය, ජනතා සුභසාධනය හා රටේ සාමකාමී වතාවරණය උඩු යටිකුරු වන බවට ද ජනාධිපතිවරයා චෝදනා කරයි.

නිරන්තරයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරණය කරනු ලබන උද්ඝෝෂණයන්, කලබලකාරි තත්ත්වයන් හා විනාස කිරිම් මගින් විනාශ වන්නේ රටේ කිර්තිනාමය බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

 

Related posts

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

“පොහොර හිගය උග්‍ර වෙලා.. ගමට යන්න විදිහක් නෑ” – සජිත්

colombotoday

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

20 වෙනුවෙන් ඉෂාක් රහුමාන්, මොහොමඩ් අලි, නසිර්, හාරිස්, ෆයිසාල් කාසීම්, මුෂාරෆ්, ඩයනා, නෙල්සන් සජිත් හැර දමා ආණ්ඩුවට ?

colombotoday

පෞද්ගලික ආනනයනකරුවන් ගෙන්වූ සහල් සතොස මිලදී ගනී

Admin

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin