Colombo Today Local NewsHot NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවක් එපා.. රණවිරුවන්ට දඩුවම් කරන පනතත් එපා ! ත්‍රෛනිකායික මහානාහිමිවරු ඒකමතිකව තීරණය කරති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ඒකමතිකව තීරණය කරති.

අද (04) අස්ගිරි මහා විහාරයට රැස්වුණු මහනාහිමිවරුන් මේ මොහොතේ පවත්නා ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට පැමිණි බව අස්ගිර් පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් සඳහන් කළේය.

මෙම විශේෂ සාකච්ඡාව සදහා සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නාහිමියන්, සහ වෙඩරුවේ උපාලි අනුනාහිමියන්, මල්වතු පාර්ශවය වෙනුවෙන් අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන්, රාමාඥ්ඥ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියන්, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපත් පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ද සහභාගී වී සිටියහ.

පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින්ම පවත්වාගෙන යාම උචිත බවට මෙහිදී මහනාහිමිවරුන්ගේ තීරණය වී ඇති අතර මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කළ යුතුනම් සංශෝධනය කළ යුතු බවට යෝජනා වී තිබේ.

යුද සමයේ සමයේ සිදුවූ යම් යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රණ විරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා හෙට (5) දිනයේ පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවත්, එම පනතද සුදුසු නැති බව මහනාහිමිවරුන්ගේ මතය වී තිබේ.

මේවන විට ජාතික හා ආගමික වශයෙන් ගැටළු රැසක් පැන නැඟී ඇති බවත්, එම ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සොයා බලා විසඳුම් ක්‍රියා මාර්ග සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමටද මහනායක හිමිවරුන් අද අවධානය යොමු කර ඇත.

කෙසේ වෙතත් අද (4) දින රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ ඇතුළත් යෝජනාවලියක් ලබන 06 වන දින ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බවද අස්ගිර් පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/siyapatha.lk/videos/1961193707500676/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

දුමින්ද නාගමුව සමග 10 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

colombotoday

ගෝඨාභයට මඩ ගහන්න ගිය මරික්කර්ට මාධ්‍යවේදියෙකුගෙන් පාඩමක්

colombotoday

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday

අලුත් මුහුණු හතරකට ආණ්ඩු පක්ෂයේ තනතුරු

colombotoday