Colombo Today Local NewsNew Constitution

“ෆෙඩරල් වචනය නැතිවුණාට ෆෙඩරල් වීමට අවශ්‍ය සියලුදේ අලුත් ව්‍යවස්ථාවේ තියනවා“ – TNA

දෙමළ ජනතාවගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ජාතික ගැටලුවට විසඳුමක් සෙවිමයි, ඒ සඳහා මූලිකවම පවතින ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමෙනි, ඒ සඳහා තමයි මේ පක්ෂ දෙක එකතුවෙලා ජාතික ආණ්ඩුවක් බිහිවුනේ. ඒ ජාතික ආණ්ඩුවට අපි සහයෝගය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදිමටයි. අපේ ජාතික ගැටලුවට නව ආණ්ඩුවක් බිහිකරලා එය පරාජය කිරීම මෝඩකමක්, ඒ අනුව තමයි අපේ මේ රජයට සහය ලබා දෙන්නේ.

මේ රජය ඉදිරියට ගෙනි යන්න ඕන. මේ රජය ඉදිරියට ගියොත් තමයි අපේ ඉලක්කයට යාමාට අපට හකියාව ලැබෙන්නේ, අපේ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලැබෙන ව්‍යවස්ථාවක් බිහි නොවන්නේ නම් මේ රජයට සහාය දීමෙන් ඉවත්විය යුතුයි. ඒත් එවෙනි තත්ත්වයක් තවම ඇති වෙලා නැහ. යයි ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම් සුමන්තිරන් යාපනයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.

මන්ත්‍රීවරයා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ෆෙඩරල් ක්‍රමයේ කරුණු දෙකක් තියෙනවා ඉටුවීමට, එකක් තමයි පලාතකට කිසියම් බලයක් ලබා දුන්නොත් මධ්‍යම රජයේ සිය බලය පාවිච්චි කොට එය නැවත පාලනය නොකළ යුතුය. අනික් කරුණ නම් එසේ ලබාදුන් බලය එම පලාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත මධ්‍යම ආණ්ඩුවට ලබාගත නොහැකි වීම, ඒ දෙකම තියෙනවා නම් එ ෆෙඩරල්, අතුරු වාර්තාවේ ෆෙඩරල් කියන වචනය නොමැති වුවත් මේ කරුණු දෙක ඇතුලත් කර තියෙනවා නම් එය ප්‍රමාණවත්, මෙම කරුණු දෙක අතුරු වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා.

https://youtu.be/1cC6v24e6qw?t=59

Related posts

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

යහපාලන දීගේ දිගටම කෑවොත් සන්ධානයේ සහය ආණ්ඩුවට නෑ..

colombotoday

අවුරුදු 46 ක රැඳවියෙක් සහ අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ රැඳවියෙක් මෙවර උසස් පෙළ සමත්

colombotoday

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

පැනමා පේපර්, ලංකාවේදී පත්තුවෙයි.. විද්‍යා අමරපාල මෙගා පොලීසියෙන් ඉවතට.. ඇමති චම්පික FCIDයට !

colombotoday