Colombo Today Local News

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ අනන්‍යතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාව පවසයි.

උද්ගතව ඇති ජාතික හා ආගමික ගැටළු විසදාගැනීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ විශේෂ යෝජනා මාලාවෙහි මෙම කරුණු දක්වා ඇත.

මෙතෙක් ශ්‍රී ලංකා සමාජයේ නොවූ විරූ තරමට හේතු රහිතව බෞද්ධ භික්ෂූන් විවේචනය කිරීමටත්, භික්ෂූන්ට චෝදනා එල්ල කිරීමටත්, සංඝ මූලස්ථානවලට අපහාස කිරීමටත්, ශාසනික දේපොළ ජනසතු කරගැනීමටත්, අන්තවාදී සංවිධාන හා ඇතැම් දේශපාලන නායකයන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගද, විශේෂයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සාවද්‍ය ප්‍රකාශයන්ද අපි දැඩි සේ ප්‍රතික්‍ෂේප කරන බවත්, එම ක්‍රියාකලාපයන් පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම්වස් ඉදිරිපත් කරන අදහස් මිස පොදු සමාජ සුභසිද්ධිය අපේක්ෂාවෙන් සිදුකරන ඒවා නොවන බව සංඝ සභාව අවධාරණය කරයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ නිවේදනය

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1482961465075460/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

කිසි ලෙසකින් ආන්ඩුවට එක්වන්නේ නෑ – රිෂාඩ් බදියුදීන්

colombotoday

මහපොළ අරමුදලින් හැදු මාලබේ ස්ලිට් එක අයතා ලෙස බැහැර කරලා. | අරමුදලේ රුපියල් බිලියනයකට වැඩි මගඩියක්.

colombotoday

ධීවර රැකියාවට කොරියා යන්න 700 ක් බඳවා ගැනේ. අයදුම්පත් නිකුත් කිරීම 19 දා සිට.

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්

Admin

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

colombotoday

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

colombotoday