Colombo Today Local News

සමන් රත්නප්‍රියගේ වෘත්තීය සමිති පට්ටම ගැලවෙයි !

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය සඳහා චින්තක බණ්ඩාර පත්කරගනු ලැබ සිටී. ‘ජනවාරි8’ දේශපාලන වෙනසට ප‍්‍රභල ලෙස දායකත්වය සැපයූ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය මෙතෙක් දැරුවේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය විසිනි.

යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ආණ්ඩුව සමග සමීප සබඳතා පැවැත්වීම මුල් කරගනිමින් පසුගිය කාලයේ ඔහුට විවිධ චෝදනා එල්ල විය. ජාත්‍යන්තර කම්කරු සහ වෘත්තීය සමිති සමුළු සඳහා සහභාගිවීමට සෙසු වෘත්තීය සමිති නායකයන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමි කළ බවට වන චෝදනාවක් ද ඒ අතර විය.

එම කරුණු සැළකිල්ලට ගනිමින් පසුගිය සතියේ රැස්වූ වෘත්තීය සමිති පෙරමුණ එහි සභාපති ධුරය සඳහා වෙනත් වෘත්තීය සමිති නායකයෙකු පත්කර ගැනීමට පියවර ගෙන ඇත. ලේකම් තනතුර සඳහා උදේණි දිසානායක පත්කරගෙන ඇත.

Related posts

මිල අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණයි – ත්‍රිරෝද සංගම් කියයි

Admin

“දෙනවා කීව යතුරුපැදි කෝ“ ක්ෂේත්‍ර නිලධාරීන් විරෝධතා.. “පාරවල් දැන් කාපට්.. ඒව ඕන නෑ“ – මුදල් ඇමති

colombotoday

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

colombotoday

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

colombotoday