Colombo Today Local News

වසර 60කට ඇති තරම් ගෑස් හා තෙල් නිධි මන්නාරම් මුහුදේ.. විශේෂ වාර්තාවක් හෙළි කරයි!

මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් ඝන අඩි බිලියන 5ක් සහ ස්‌වාභාවික ගෑස්‌ ඝන අඩි ට්‍රිලියන 9 පමණ ඇතැයි දැනට සොයාගෙන ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කළ රජයේ ගිණුම් කාරක සභා වාර්තාවේ සඳහන් වනවා.

මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වර්තමාන තත්ත්වය පැහැදිලි කරන එම වාර්තාව ප්‍රකාශ කර තිබෙන්නේ වසර හැටක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස්‌ අවශ්‍යතාව මෙමගින් සපුරාගත හැකිවන බවයි. මෙම තෙල් ළිඳක කැණීමේ සිට නිෂ්පාදනය දක්‌වා වන ක්‍රියාවලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 සිට ඇමරිකානු ඩොලර් බිලියන 1ක් දක්‌වා වියදමක්‌ දැරීමට සිදුවන බව ද අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මන්නාරම ද්‍රෝණියේ එම් 2 කොටස මේ වන විට ගවේෂණ අදියරේ සිට සංවර්ධන අදියර දක්‌වා ළඟාවිය හැකි මට්‌ටමක පවතින බව ද එනිසා සුදුසු ආයෝජකයකු සොයාගැනීම මූලික අපේක්‍ෂාවවී ඇතැයි ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය රජයේ ගිණුම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

 

Related posts

පාකිස්තානූ තානාපති කාර්යාලයට සම්බන්ද තිදෙනෙක් මාතරදී පොලීසියට තග දමති.

colombotoday

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

දූෂිත නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස උසස්වීමක්

colombotoday

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇප මත නිදහස්

colombotoday

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

colombotoday

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

Admin