Colombo Today Local News

“අස්ගිරි නිවේදනය හරියටම හරි.. එය හිස් මුදුණින්ම පිළිගන්නවා“ – ගාලු මහා සංඝ සභාව

අස්ගිරි පාර්ශවයේ මහා නාහියන් ප්‍රමුඛ මහා සංඝ සභාව නිකුත් කළ නිවේදනය දක්ෂිණ ලංකාවේ මහා සංඝරත්නය නමස්කාරපූර්වකව හිස් මුදුණින්  පිළිගන්නා බව ප්‍රකාශ කරයි.

දකුණු පළාතේ නායක භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් රැස් වූ ගාලු  මහා සංඝ සභාවේදී මේ පිළිබදව නිවේදනය කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ සියම් මහා නිකායේ මල්වතු  පාර්ශවයේ දකුණු  දිසාවේ මහා නායක අති පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නාහිමියන්, යම් යම් බලවේග විසින් බුද්ධාගමේ ශක්තිය  මේ රටේ තුන්වන තැනට ඇද වැටෙන තරමට  අඩපණ කර ඇති  බවත්, එම බලවේග බුද්ධාගම මෙරටින් තුරන් කිරීමට තරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවද  අවධාරණය කර සිටියේය.

කෙසේ නමුත් මෑතක් වන තුරුම මෙරට ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා  මීට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය ද අස්ගිරි  මහා සංඝ සභාවේ නිවේදනය හරියටම හරි යන මතයේ සිටින බවත්,  එම නිවේදනය විරුද්ධ වීමට සිවුරක් දරාගත් කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේය.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/sinhalecolombo/videos/1087256678072551/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday

නොරොච්චෝලේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday

“වැටුප අත්හිටුවන කිව්ව කොල්ලුරේ ට සිදුවුනේ තනතුර අහිමි වීම… වෘත්තීය අරගලය නව මානයකින් ආරම්භ කරනවා”

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday