Colombo Today Local News

“භික්ෂූන් වහන්සේලා එක්ක හැප්පෙන්න ඇවිත් තමන්ගේ වල කපාගන්න එපා“ – අස්ගිරියෙන් අනතුරු ඇගවීමක්

රංගිරි දඹුලු රාජමහා විහාරස්ථානය රජයට පවරා . ගැනීමේ උත්සාහය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ විරෝධය පල කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සදහන් කලේ විහාරාධිපති හිමියන්ගේ අවසරයකින් තොරව සාංඝික දේපල රජයට පවරා ගැනීම වරදක් බවයි.

මේ අතර දඹුලු ලෙන් විහාරය මධ්‍යම සංස්කෘතික අරමුද‍ලට පවරා ගනිමින් පන්සල් යැපිම සදහා ලැබෙන අදායම නැතිකර දැමිම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට පසුගියදා අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට චෝදනා එල්ල වුනා.

මෙරට ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් නව නිතීරිති ගෙන එන්නේ නම් ඒ පිළිබද මහනායක හිමිවරුන් සමග සාකච්ඡා සිදු කල යුතු බව පෙන්වා දුන් ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් කියා සිටියේ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මෙලෙස තම බලය යොදවමින් මහානායක හිමිවරුන් සමග හැප්පීමෙන් ඔහු තමා විසින්ම තමාගේ වළ කපාගන්නා බවයි.


අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් දැක්වූ අදහස්
[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1477966028908337/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පිදුරංගල තරුණයින්ට නිදහස

colombotoday

මැතිවරණ කොමිසම වහයි.. ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ්

colombotoday

නැති ලෙඩක් පෙන්වා අර්ජුන් ඇලෝෂියස්ට රෝහල් සැප දීමේ සැලසුමක්..

colombotoday

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

colombotoday

ජනතාව කියනවනම් ගෙදර යනවා.. හොරුන්ගෙන් ආණ්ඩුව රැකගන්න පාරට බහිනවා – අගමැති

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin