Colombo Today Local News

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙරේදා (21) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණු සරසවි හා වෛද්‍ය සිසුන්ට පහර දීමට එරෙහිව ඊයේ සිට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දේශපාලන අරමුණකින් සිදු කරන ලද්දක්‌ බව පවසන සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, මෙම වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටින බවත් කියා සිටියි.

ඇමතිවරයා මේබව සඳහන් කලේ, ඊයේ (22) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඩෙංගු රෝගය පැතිර යන සමයක වර්ජනය කරන මොවුන් වෛද්‍යවරුන් නොවන බවත් ජනතාවද මේ සම්බන්ධව කුපිතව සිටින බවත් කී ඇමැතිවරයා මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනතාව නිසි පිළිතුරු සපයනු ඇතැයි සඳහන් කළේය.

ඩෙංගු මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව වෛද්‍යවරුන්ට ගැටලුවක්‌ ඇතිනම් එහි වගකීමද ඔවුන් භාර ගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර සයිටම් ආයතනය ජනසතු කරන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවත්, වර්ජනය ක්‍රියාත්මක වන කාලසීමාවේ සියලු රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අඛණ්‌ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා බවයි. මාතෘ රෝහල්වල, ළමා රෝහලේ, පිළිකා රෝහලේ මෙන්ම වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

වැඩ වර්ජනය පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා තවදුරටත් පම්පෝරි දොඩවන්නේ නම් සියලුම අංශවල වර්ජන දියත් කරන බව හෙතෙම කීය.

Related posts

ඡන්ද කටේ පොත් බෙදන්න ගිය නියෝජ්‍ය ඇමතිට වැඩ වරදී

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

Admin

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

Admin

සචිත්‍ර සේනානායක ඇපමත මුදා හරී

Admin

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday