Colombo Today Local News

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ලෙසින් නිකුත් කෙරෙන ඇතැමුන්ගේ ප්‍රකාශවලට එරෙහිව කටයුතු කරන භික්ෂුන් වහන්සේ නිහඬ කිරීමට බලධාරීන් ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන්ගේ අස්සනින් නිකුත් කර ඇති නිවේදනයට රජයේ අවධානය යොමු විය යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි හිමියෝ පවසති.

ඇතැම් දේශපාලනඥයන් ජාතිවාදය ඇවිස්සෙන ලෙසින් කටයුතු කරද්දී ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන භික්ෂුන් වහන්සේලා නිහඬ කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හෙළා දකිමින් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ පසුගිය 20 වැනි දිනයේදීය. එම නිවේදනය අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ අස්සනින් නිකුත් කොට තිබිණි.

සිංහල බෞද්ධයන් එල්ල කොට නව නීති සම්මත කිරීමක් අවශ්‍ය නොවන බවත් අනාගතයේදී මේ සම්බන්ධව රට තුළ අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැඟුණහොත් රජය එයට වගකිව යුතු බවත් එම නිවේදනයේ පැහැදිලිව සඳහන් කොට තිබූ බව නියන්ගොඩ විජිතසිරි හිමියෝ කියා සිටිති.
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ අඩංගු කරුණු සමඟ තමන් වහන්සේ එකඟ වන බවත් එහි දක්වා ඇති අදහස් අනුමත කරන බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ සඳහන් කරති.

පශ්චාත් යුද සමයකදී සිදුකළ යුතුව ඇති බොහෝමයක් දේ ඇති අතර ජාතීන් අතර සංහිඳියාව ඉන් එකක් බව විජිතසිරි හිමියෝ පවසති. සංහිඳියාව සියලු ජාතීන්ට සාධාරණ යුක්ති සහගත මෙන්ම ඓතිහාසික මූලාශ්‍රයන් රැකෙන අයුරින් සිදුවිය යුතු දෙයකැයි නියන්ගොඩ විජිතසිරි හිමියෝ වැඩිදුරටත් පවසති.

මව්බිම

Related posts

පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

උපසම්පදා භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතියේ අඩු ලුහුඬු කම්

colombotoday

සන්ධානය යහපාලන දීගෙ කටුගායි-අලුත් අගමැති පත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

colombotoday

පරිප්පු මිළ ඉහළට !

colombotoday

ඇඹිලිපිටිය කැළඹෙයි… කළු කොඩි ඔසවා ජනතාව වීදි බසී !

colombotoday

ගංවතුරෙන් කැඩුණු ගේ හදාගන්න දහදාහයි, බඩු ගන්න තුන්දාහකුයි දෙනවා. කිසිම ආණ්ඩුවකින් මෙච්චර දීල නෑ

colombotoday