Colombo Today Local News

Facebook එකෙන් ‘සංහිදියාව‘ බිදින අය හොයන්න පොලිසියෙන් විශේෂ කණ්ඩායමක් !

සමාජ ජාල මාධ්‍ය පරිහරණය කරමින් ආගම් අතර හා ජාතීන් අතර සංහිදියාව බිද දමන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරින. ”ඥාණසාර හිමියන්ව අත්අඩංගුවට ගැනීමට දැනට පරීක්ෂණ කෙරීගෙන යනවා. ඒ සම්බන්ධව යොදවා ඇති කණ්ඩායම ඒආකාරයෙන්ම කටයුතු කරගෙන යනවා. අධිකරණයකින් වරෙන්තුවක් නිකුත් කර තිබියදී එම පුද්ගලයාව චේතනාන්විතව සඟවන්න උත්සහ කරනවා නම් ඔහුට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න අපි සූදානම්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

colombotoday

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday