Colombo Today Local News

“ජාතිවාදය අවුස්සන්නේ ඥාණසාර හිමියි.. වහා අත්අඩංගුවට ගත යුතුයි“ – හිටපු පළාත්සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහාම අත්අඩංගුවට ගත යුතු යැයි එජනිස හිටපු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න පවසයි.

මේ රටේ සැලසුම්සහගත ලෙස ජාතිවාදය අවුස්සන්නේ ඥාණසාර හිමියන් බවත්, උන්වහන්සේ උත්සහා දරන්නේ ජාතිවාදය අවුස්සා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට සිංහල අපෙක්ෂකයා ලෙස චම්පික රණවක ඇමතිවරයා ඉදිරිපත් කිරීමට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වීම වැළැක්වීමට යැයිද හෙතෙම පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

2015 ජනවාරි 8 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට බොදු බල සේනා සංවිධානය ජාතිවාදය ඇවිස්සීම ප්‍රධාන හේතුවක් වූ බවත්, මුස්‌ලිම් ජාතීන් මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණියහොත් ඔවුන්ට කරදර වෙයි කියලයි පොදු අපේක්‍ෂකයාට ඡන්දය දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මුස්ලිම් දේවස්ථාන ගිනි තබන්නේ සහ මුස්ලිම් කඩවලට පහර දෙන්නේ බොදු බල සේනා සංවිධානය බවත්, ඔවුන් නොයෙක් ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන විට මෝඩ රැළක් ඒවාට අනුව නොයෙක් නීති විරෝධී දේවල් කිරීමට පෙළඹී ඇති බවත් හෙතම සදහන් කරයි.

“මේ වන විට ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අත්අඩංගුවට ගන්න එපා කියලා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ගෙනියනවා. මම කියන්නේ මේ පෝස්‌ටර් ගහන අයත් අත්අඩංගුවට ගත යුතුයි. මේවා හරහා කලබල ඇති කරලා රට තුළ හදිසි නීතිය බලාත්මක කර ඡන්ද කල් දාන්නත් මේ අය උත්සහ කරනවා වෙන්න පුළුවන්.“ යැයිද ඔහු කියා සිටියේය.

Related posts

අනුරාධපුරයෙන් එවූ ආධාරවලටත් වජිර නම ගහගෙන.. දුමින්දට ඩබල් මල පනී !

colombotoday

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

colombotoday

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉහළ නංවන්න අලුත් තීරණයක්

Admin

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

colombotoday