ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය දීර්ඝ නොකර, සයිටම් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු සභාපති තනතුරට පත් කිරීමේ උත්සාහයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ, සභාපතිවරයාගේ ධුර කාලය ජූනි 30 වනදායින් අවසන් වූ පසුව නැවත වරක් කාලෝ ෆොන්සේකා මහතා එම තනතුට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.