Colombo Today Local News

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

ගංවතුර ආධාර ලෙස කෙසෙල්ගෙඩි කිහිපයක පාර්සලයක් සිය ඡායාරූපය හා නම ඇතුළත්කර බෙදා ඇතැයි ෆේස්බුක් සමාජ ජාලයේ පලවී ඇති ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (04) වාචිකව පැමිණිලි කළ බව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අද (05) දිනයේ තමා ලිඛිතව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කරණ බවයි.

මෙය, තමාට දේශසහගත ලෙස අපහාස කිරීමට කවුරුන් හෝ සිදුකරන ලද දෙයක් බවද පැවසූ අමාත්‍යවරයා ඔහු කතාකරන මොහොතේද සිටින්නේ නෙළුව හා තවලම ප්‍රදේශයන්ට ගංවතුර ආධාර බෙදීමේ වැඩසටහනේ බවද කීය.

තමා ගංවතුර ආධාර ලෙස ජනතාවට බෙදූ බඩුමල්ල රුපියල් 1,500කටත් වඩා වැඩි බවද ඔහු කීය.

එසේම, නම ගසා ගංවතුර ආධාර බෙදා බාල ජනප්‍රියත්වයක් ගන්නා දේශපාලඥයකු නොවන බව ගාල්ලේ ජනතාව දන්නා බවද කී හෙතෙම, ගාල්ලේ බුද්ධිමත් ජනතාවට කෙසෙල් ගෙඩි හතරක් රැගෙන ගොස් කිසිදු ජගතෙකුට ඡන්දයක් ජයගත නොහැකි බවද කියා සිටියේය.

තමා හෙට දිනයේදී මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරණ බවත්, ඒ ඉල්ලීමද කරනු ලබන්නේ තමාට දේශපාලඥයකු ලෙස මෙවැනි අපහාසයක් විඳදරාගත හැකිවුවත්, සමාන්‍ය පුද්ගලයතුට මෙවන්නැක් සිදුවූයේ නම් ඔහු දැඩි අපහසුතාවයට හා සිත්තැවුලට පත්වන බැවින් අදාළ තත්ත්වයන් අනාගතයේ සිදු නොවීමට බවද අමාත්‍යවරයා කීය.

කරුණාතිලක මහතා ගංවතුරෙන් පීඩාවටපත් ජනතාවට බඩු මළු බෙදාදුන් අයුරු පහත ඡායාරූපවල දැක්වේ.

Srilankamirror

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

කන වැසෙන සේ හිජාබය ඇදීමට අවසර දී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනපති කීවා…

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ගනී.. පළමුව ඩොලර් බිලියනයක ණයක්.. මූල්‍ය ක්ෂේත්‍රය ශරීයාකරණයට

colombotoday

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday