Colombo Today Local News

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

ස්වාභාවික විපත් අවස්ථාවකදී තිරිසන් සතුන් වන නයි මුගටින්ට එකට ඉන්නට හැකි නම් දකුණේ විපතට පත් ජනතාව වෙනුවෙන් ජාති ආගම් කුල භේද නොසලකා උතුරේ ජනතාවගේ සෙනෙහස අවශ්‍ය වී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ දකුණේ ගංවතුර ගැලීමෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ආධාර එක්රැස් කිරීමේ කාර්යාලයක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විවෘත කළ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

දකුණේ සහෝදර ජනතාවට උතුරේ සෙනහසේ ආධාර අවශ්‍ය බවටත් වෙනත් පළාත් වලින් දකුණේ ජනතාවට ලැබෙන ආධාරයන් වලට වඩා උතුරේ ජනතාවගෙන් ලැබෙන ආධාරයන්හි වටිනාකම වැඩි හෙයින් ඊයේ (31) සිට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට හෝ එහි නිලධාරීන්ට උතුරේ ඕනෑම පුද්ගලයෙකුට සංවිධානයකට අධාර ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ඔහු කීවේය.

Related posts

ETCA ගිවිසුම අත්සන් කර අපේ බඩු ඉන්දියාවට යවනවා.. රට පොහොසත් වෙනවා – සජිත්ගේ ETCA විග්‍රහය මෙන්න

colombotoday

වසර 35ක් විජේවීරගේ පවුලට රජය දරපු වියදම හෙළිකරනු

Admin

ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පළමු අය – වැය අද පාර්ලිමේන්තුවට

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 23ක් පිටුවහල්කරයි

colombotoday

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…

colombotoday