Colombo Today Local NewsNew Constitution

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර පැහැදිලි එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිවීම නිසා ව්‍යවස්ථා සංශෝධනය බරපතළ අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බහුතර එකඟතාවය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නව යෝජනා රටට හෙළිකරන තෙක් ශ්‍රීලනිපයේ මතය ඉදිරිපත් නොකළ යුතුය යන්නය. විශේෂයෙන් ශ්‍රීලනිපය සම්මුතිවාදී ආණ්ඩුවට එක්වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කොට ඊට පසුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එජාපය සමඟ ඇතිකරගත් එකඟතාවයන් නිසා බවද මෙහිදී ඔවුන් පෙන්වා දී ඇත. එනිසා ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථම නව මැතිවරණ ක්‍රමය ගෙන ආ යුතු බව මෙහිදී යෝජනා වී තිබේ.

එපමණක් නොව එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන ජනමත විචාරණයට මැතිවරණ සංශෝධන ඇතුළු නොකරන ලෙසත් එය ව්‍යවස්ථා සංශෝධනයට පමණක් අදාළව සිදුකළ යුතු බවත් එම රැස්වීමේදී පෙන්වා දී ඇත. ශ්‍රීලනිපය එවැනි මතයක් දරන විට එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනය ගැන තවමත් ශ්‍රීලනිප මතය ඉදිරිපත් වී නැති නිසා නිවැරදි එකඟත්වයකට පැමිණිය නොහැකි බවය. ශ්‍රීලනිප යෝජනා ලැබුණු පසු එම යෝජනාවලට එජාපය එකඟවනවාද නැද්ද යන්න සම්බන්ධව පක්ෂයේ නිල මතය ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

– දේශය

Related posts

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

colombotoday

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

colombotoday

“මහින්ද මේ රටට කරපු දෙයක් නෑ.. ඔහුට තියන්නේ හොරා කෑමේ රුදාව.. රට හදන්න පුළුවන් අපට පමණයි” – චන්ද්‍රිකා

colombotoday

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

colombotoday

කොත්තු – රයිස් – ප්ලේන්ටි මිල තවත් ඉහළට

Admin