Colombo Today Local News

අවවාද නොතකා ගංවතුර, නායයාම් බලන්න ආ 18ක් මරුට !

ගංවතුරෙන් සහ නායයාම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස් නැරඹීමට පැමිණි දහඅට දෙනෙකු මරණයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

අවදානම් කලාප තුළ සංචාරය නොකරන ලෙස පොලිසිය දිගින් දිගටම උපදෙස් දී තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය හමුවකදී පැවසීය.

“අවාසනාවකට එවැනි තත්වයන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 18දෙනෙකුගේ ජීවිත අහිමිවී තිබෙනවා, මෙම ප්‍රදේශවලට අනවශ්‍ය ආකාරයට ගිහිල්ලා ජලගැල්මට හසුවීම නිසා. ඒ නිසා අපි නැවත වතාවක් මහජනතාවට ඉතා උවමනාවෙන් කරුණාවෙන් දැනුම් දෙනවා නරඹන්නන් හැටියට මෙම ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ආපදාවට ලක්වී ඇති කිසිදු ස්ථානයකින් මේ දක්වා භාණ්ඩ සොරකම් කිරීමක් හෝ මංකොල්ල කෑමක් පිළිබඳව වාර්තාවී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සතුටින් දැනුම් දුන්ණේය.

Related posts

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

Admin

“ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා“ ජනපති කීවැයි කියූ ප්‍රකාශය ගැන නිවේදනයක්…

colombotoday

වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි !

colombotoday

“මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයි

colombotoday

රවී ඇතුළු 10 කට වරෙන්තු

colombotoday

පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පුළුල් කිරීමට පියවර ගනියි!

colombotoday