Colombo Today Local News

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ආපදා සහන සේවයේ (Photo)

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී පැවති ප්‍රදේශයන් හි රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ගර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍ය දයා ගමගේ මහතාගේ මැදිහත් වීමෙන් ඔහුගේ පෞද්ගලික හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට ඊයේ (28) පියවර ගනු ලැබීය.

දින කිහිපයේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට ගිය අවස්ථාවේදී මෙම පියවර ගෙන තිබේ.

සෑම ප්‍රවේශ මාර්ගයක්ම ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී සිටින මෙම ජනතාවගේ සුවදුක් විමසීමට ලඟා වුණු පළමු සහන කණ්ඩායම මෙය විය. එහිදී රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ඝර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් තම පෞද්ගලික හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන ලදී.

[fbvideo link=”https://www.facebook.com/Official.Dayagamage/videos/1515269005184880/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

නව එජාප මහලේකම් තලතා අතුකෝරළ?

Admin

‘රාජ්‍ය ආයතනවල වියදම් තවත් අඩු කරන්න’ – බැසිල් කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දෙයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

සාම සාකච්ඡා අසාර්ථකයි.. ජනපති – අගමැති විරසකය දුරදිග යයි.. සම්මුතිය කම්මුතුයි !!

colombotoday