Colombo Today Local News

‘උතුරට වෙනම ප්‍රාන්ත පොලිසියක් සමග දෙමළ SSP, ASP ලා ඕනෑ…‘ – විග්නේශ්වරන්

උතුරේ ප්‍රාන්ත පොලිසියක්‌ ස්‌ථාපිත කර ද්‍රවිඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරු, සහකාර පොලිස්‌ අධිකාරිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ පරීක්‌ෂකවරු පත්කරන ලෙස උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලා ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය දැනට ක්‍රියාත්මක වන නිසා ප්‍රාන්ත පොලිසිය පහසුවෙන් පිහිටුවිය හැකි බව ද විග්නේෂ්වරන් තවදුරටත් සඳහන් කර තිබේ.

උතුරු මහ ඇමැතිගේ මෙම ඉල්ලීම ගැන ඉහළ පෙළේ පොලිස්‌ ආරංචි මාර්ග පැවසුවේ උතුරේ ප්‍රාන්ත පොලිසියක්‌ ආරම්භ කළහොත් පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි නවයකට කැඩෙන බවය.

එසේම උතුරේ සිදු වන සැකකටයුතු ත්‍රස්‌ත ක්‍රියා ගැන විමර්ශනය කිරීමට ත්‍රස්‌ත මර්දන ඒකකයට සහ රහස්‌ පොලිසියට ද අවසර නොලැබෙන බවත් එම ආරංචි මාර්ග හෙළි කළේය.

පසුගියදා තිරුණාෙච්ලි කාලි අම්මාන් කෝවිලේදී ඊළාම් සිතියම ප්‍රදර්ශනය කිරීම හා කිලිනොච්චියේදී පොලිස්‌ වාහනයකට වෙඩිතැබීමේ සිද්ධියක්‌ ද වාර්තා විය.

Related posts

X-Press Pearl අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා සාකච්ඡා කරන්න කණ්ඩායමක් අද සිංගප්පූරුවට.

Admin

නිශාන්තට හා ලොහාන්ට පෙර අමාත්‍ය ධුර තවදුරටත්

colombotoday

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

Admin

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

colombotoday

රිෂාඩ්ගේ පක්ෂයෙන් මන්ත්‍රී වූ මුෂාරෆ් රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙයි

colombotoday