Colombo Today Local Newsextremism & terrorism activities

නීතීඥ සංගමයත් අන්තවාදීන් යටතට.. ලෝකෙට පෙන්නන්න බෞද්ධයන්ට එරෙහි වාර්තාවක් හදයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපති ධුරයක් දරන මුස්ලිම් ජාතික නීතීඥයෙකු, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නම භාවිතා කරමින්, සිංහල බෞද්ධ ජනතාවට අපකීර්තියට පත් කරන සාවද්‍ය වාර්තාවක් සකස් කරමින් සිටින බව වාර්තා වනවා.

මෙරට සිංහල බෞද්ධයන් විසින් මුස්ලිම් ජනතාවට හිරිහැර සිදු කරන්නේ යැයි, සාවද්‍ය කරුණු සහිතව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කිරීමට සූදානම් වන මෙම වාර්තාව සකස් කිරීම සදහා නීතිඥ සංගමය නියෝජනය කරන තවත් මුස්ලිම් ජාතික නීතිඥයන් පිරිසක් ද සම්බන්ද වී ඇත.

උතුරෙන් බුදු පිළිම ඉවත් කර, සිංහලයන් පලවාහරින්නැයි මහා උද්ඝෝෂණ කරද්දී, උතුරු නැගෙනහිර ප්‍රදේශවල බුදු පිළිම කුඩු පට්ටම් කරද්දී, ඓතිහාසික පුරා වස්තු සංහාරය කරද්දී, අන්තාවදීන් කණ්ඩායම් විසින් විහාරස්ථාන සතු ඉඩ කඩම් ආක්‍රමණ කරමින් හා විහාරස්ථාන කඩා දමිමින් බෞද්ධ ජනතාව උතුරු හා නැගෙනහිර පළාත්වලින් පළවාහැරීමට කටයුතු සිදුවෙද්දී නීතීඥ සංගමය මෙවැනි වාර්තා සකස් කරේ නැත.

සුළු සිදුවීම් කිහපයක් පදනම් කරගනිමින් නීතීඥ සංගමයේ අන්තවාදී කොටස් මෙරට සිංහල බෞද්ධ ජනතාව ජාත්‍යන්තරයේ අපකීර්තියට පත්කිරීම සදහා නීතීඥ සංගමයේ නමද භාවිතා කරමින් සාවද්‍ය වාර්තා සකස් කරද්දී, නීතීඥ සංගමයේ ඉහල නිලධාරීන් හා සිංහල බෞද්ද නීතීඥයන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම පුදුම සහගතය.

නිශාන්ත මාවැල්ල

Related posts

කටඋත්තරයක් ඕනනම් යාපනේට එනු.. ප්‍රභාකරන්ගේ මස්සිනා CIDයට නියෝග දෙයි !

colombotoday

ධීවර බෝට්ටු වලට ඉන්ධන වෙනුවට විදුලි කෝෂයක්

Admin

ශ්‍රීලංකා-ඇමරිකා සෝෆා ගිවිසුම සූදානම්… ඇමරිකානු හමුදාවට මෙරට වරාය, ගුවන්තොටුපළ බදු නැතිව භාවිතයට අවසර

colombotoday

යහපාලන පාර්ලිමේන්තු මංත්‍රී හේෂාන් විතානගේට භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා.

colombotoday

උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට ආණ්ඩුවෙන් වන්දි මුදලක්

colombotoday

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

colombotoday