Colombo Today Local News

ධීවර බෝට්ටු වලට ඉන්ධන වෙනුවට විදුලි කෝෂයක්

ධීවර කර්මාන්තය සඳහා දැනට භාවිතා කරන සියලුම ධීවර බෝට්ටු සඳහා ඉන්ධනවලට විකල්පයක් ලෙස විදුලි කෝෂයක් හඳුනාවා දීමට කටයුතු කර තිබේ.

ඉන්ධනවලට ධීවරයන්ට විශාල මුදලක් ඉන්ධන සඳහා වැය කිරීමට සිදුවී ඇති නිසා මෙම විකල්පය හඳුන්වා දීමට කටයුතු කළ බව ධිවරය අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

විදුලි කෝෂ මඟින් ( බැටරියෙන් ) ක්‍රියා කරන බෝට්ටු එන්ජිමක් අමාත්‍යවරයාගේ උපදෙස් මත කහතුඩුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක මේ දිනවල නිෂ්පාදනය කරමින් පවතී.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වි ඇත.

ප්‍රති රෝපණය කළ හැකි එම බැටරියෙන් කිලෝ මීටර් සීයක් ධාවනය කළ හැකිය. ඒ සඳහා වැය වන මුදල රුපියල් 65 කි.

එම එන්ජිම බෝට්ටු එන්ජිම භූමිතෙල් ඉන්ධන යොදා ද ධාවනය කළ හැකි පරිදි සකස් කර තිබීම විශේෂයකි.

සෝලා පැනල් බහුදින යාත්‍රාවලට සවි කිරීමෙන් අනතුරුව එයින් ලැබෙන විදුලියෙන් ද මෙම නව බෝට්ටු එන්ජිම එම බහු දින යාත්‍රාවලට යොදා ගැනීමට හැකියාව ඇත.

ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීමක් ලඟදීම සිදු කිරීමට ද නියමිතය

මෙමගින් ධීවරයන්ට ආර්ථික ලාභයක් ලබා ගැනීමට හැකියාව ඇත.

Related posts

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පතුරොම් ගබඩාවක් සොයා ගනී

Admin

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කැති ප්‍රහාරයක්

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday

තරුණයෙක් මහනුවරදී විදේශීය කාන්තාවකගේ පස්ස මිරිකලා. – වීඩියෝව ලොවපුරා යයි.

colombotoday