Colombo Today Local News

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

මුස්ලිම් පල්ලි ඇතුළු අනෙකුත් දේවස්ථානවලට පහරදීම් හා අන්‍ය ආගම්වලට බලපෑම් කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) ආරක්ෂක අංශවලට දැනුම් දී ඇත.

නව කැබිනට් ධුර දිවුරුම් දීමෙන් අනතුරුව ආරක්ෂක ප්‍රධානීන් අරලියගහ මන්දිරයට කැදවා අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පැට්‍රල් බෝම්බ ප්‍රහාරක් එල්ලවීම සම්බන්ධයෙන් අගමැතිවරයා එහිදී වාර්තාවක් ද ඉල්ලා ඇත.

කුමන හේතුවක් මත හෝ අන්‍යාගමික ස්ථානවලට හානි කිරීමට ඉඩදිය නොහැකි බව ද අගමැතිවරයා එහිදී අවධාරණය කර ඇත.

Related posts

රක්කනාව දිය ඇල්ලේ ගිලී 9 හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගනී

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට !!

colombotoday

අත්අඩංගුවට ගත් කොටියා වමාරයි – කිලෝ 15ක ක්ලේමෝ බෝම්බ 2 ක් සොයා ගනී

colombotoday