Colombo Today Local News

රාජ්‍ය ත්‍රස්තවාදය දැන් ක්‍රියාත්මකයි.. ඥාණසාර හිමි දුටුතැන අල්ලන්න ඉහළම තැනින් නියෝගය දෙයි

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා ආණ්ඩුවේ ඉහළම තැනකින් නියෝග ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

දෙසීයක පමණ පොලිස් බලඇණියක් යොදවා ඊයේ (21) කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේදී ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහය එම ස්ථානයට රැස්වූ පිරිසගේ විරෝධය හේතුවෙන් වැළකී ගොස් තිබුණා.

ඥාණසාර හිමියන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර නීතිමය ක්‍රියාවලියට පිටින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ සෞදිය සහ මුස්ලිම් ඇමතිවරු සතුටු කිරීමට යැයි බොදු බල සේනා නියෝජිතයෙකු අදහස් දක්වමින් පැවසීය. මෙය එළිපිටම සිංහල බෞද්ධ බලවේගවලට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැරීමක් බවද ඔහු සදහන් කළේය.

ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම හරහා රටතුළ ගැටුම්කාරි තත්වයක් ඇති කර සිංහල බෞද්ධ තරුණයන් බිල්ලට ගැනීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් පස් දෙනෙකු විසින් දියත් කර ඇති බවත්, ඒ සදහා දැවැන්ත මුදලක් ඔවුන් වෙත ලැබී ඇති බවත් ඔහු සදහන් කළේය.

 

Related posts

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

colombotoday

කිසිම වාහනයක අවභාවිතා වෙලා නෑ ජනාධිපති ලේකම් කියයි

Admin

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

නුවරඑළිය තැපැල් කාර්යාලයට නව ගොඩනැගිලි 3ක් යෝජනා කෙරේ…

Admin

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් ට කොවිඩ්

colombotoday