Colombo Today Local News

එජාප ප්‍රබල ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට යයි !

ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර ඇත.

හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටිති.

ඇමැති තනතුරු වෙනස්‌ වනු ඇතැයි පැවැසෙන ඉහත ප්‍රබල ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ ඊයේ (16) කියා සිටියේ තම ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළොත් ඒ තුළින් ජනතාව වැරැදි අවබෝධයක්‌ ඇතිකර ගැනීමේ ඉඩ ප්‍රස්‌ථා ඇති බවත් සිය විරෝධය නොතකා එවැන්නක්‌ සිදු කළොත් දේශපාලනයේ ඉන්නවාද නැද්ද කියා තීරණයක්‌ ගැනීමට සිදුවන බවත්ය.

Related posts

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාප මන්ත්‍රීවරයෙක් !

colombotoday

රනිල්-සජිත් සාකච්ඡා අසාර්ථකයි… මහ මැතිවරණයට සජිත් වෙනම සන්ධානයකින් !

colombotoday

“සිරිසේන – වික්‍රමසිංහ හවුලට වැඩ බෑ.. ජනතාව කබලෙන් ළිපට වැටුණා.. උලා කන්නයි දැන් වෙලා තියන්නේ” – ජවිපෙ

colombotoday

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

නැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් කරන්න අනුමැතිය

colombotoday

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

colombotoday