Colombo Today Local News

‘ෆොන්සේකා හමුදාපති කලේ මිනීමරු මානසිකත්වය නිසා‘ – ප්‍රසන්න රණතුංග

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, සරත් ෆොන්සේකා මහතාව යුධ හමුදාපති කලේ යුද්ධය මෙහෙයවීමට මිනීමරන මානසිකත්වයක් තියෙන කෙනෙක් අවශ්‍ය නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

හෙතෙම මේ බව පැවැසුවේ බත්තරමුල්ල නෙලුම් පෙදෙසේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

”ෆොන්සේකා හමුදාවෙන් විශ්‍රාම යන්න හදන වෙලාවේ මිනීමරන මානසිකත්වයක් තියෙන කෙනෙක් අවශ්‍ය නිසා තමයි ගෝඨාභය ඔහුව පත් කළේ. ඔහු යුද්ධය මෙහෙයවන කාලේ ඉඳන් හමුදාව ඇමෙරිකාවට පාවා දෙන්න කටයුතු කළා. දැන් රටේ මිනිසුන්ගේ විරෝධතා මර්දනය කරන්න ඒකකයක් භාරදෙන්න යනවා ඔහුට. රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව පවා අද තර්ජනයකට ලක්ව තිබෙනවා.” යයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය.

”අද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතේ අනතුරක දාලා තියෙනවා. ජනාධිපතිවරණය පැරැදුණාට පස්සේ ආරක්ෂක මණ්ඩලය මැදිහත් වෙලා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළ නායකයාට ආරක්ෂාව ලබාදෙන හැටි කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලයි එතුමට ආරක්ෂාව දුන්නේ.

එසේ දීලා තියෙද්දී කාලයකට පෙර පැවැති රැස්වීමට පහුවදා ලබාදී තිබූ හමුදාව ඉවත් කළා. පසුගිය මැයි දෙවැනිදා වෙනකොට විදේශීය පුහුණුව ලත් ආරක්ෂකයෝ ටික ඉවත් කළා.

මේ කාරණා දෙකට සමගාමීව ෆොන්සේකා කරපු ප්‍රකාශ මොනවාද..? සාටකයෙන් එල්ලනවා කිව්වා. ජීවිතයට හානියක් කරන බව තමයි වක්‍රාකාරයෙන් කිව්වේ. රාජිත සේනාරත්නත් කිව්වේ එයමයි.

මේවා අහඹු ලෙස සිදුවෙන දේවල් නෙවෙයි. සැලසුම් සහගතව විදේශ හා දේශීය කුමන්ත්‍රණ හරහා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයට අනතුරකට පත්කරනවා.

යුරෝපය ඇතුළු ප්‍රබල රටවල්වලට ලොකු වුවමනාවක් තියෙනවා මහින්ද රාජපක්ෂව දේශපාලනයෙන් ඉවත් කරන්න. ඒ නිසා තමයි මෙවැනි දේවල් කරන්නේ.”

Related posts

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin

තරගකාරී මිලකට වී ගන්න රජය තීරණය කරයි

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා : සේවයට වාර්තා කිරීම සැප්තැම්බර් 01

colombotoday

ලැබීමට නියමිත ‘ලෝකයේ හොදම පාර්ලිමේන්තුව‘ සම්මානයට කැළලක්… රන්ජන් අඩියක් පස්සට ගනී…

colombotoday