Colombo Today Local News

මහින්ද නෙරපයි? ඇමති දුමින්ද දිසානායකගේ තීරණය මෙන්න

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක ඉරිදා පුවත්පතකට පවසා තිබෙනවා.

මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ වහාම ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්‌කරන බව බවසා ඇති ඔහු තාවකාලිකව පක්‌ෂය තහනම් කර විනය පරීක්‌ෂණයක්‌ පවත්වා පක්‌ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකු පක්‌ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

මහනුවර ගැටඹේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි දින රැලියට සහභාගි වන ලෙස පක්‌ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබියදී යම් මන්ත්‍රීවරයෙක්‌ හෝ ක්‍රියාකාරිකයෙක්‌ එම තීන්දුව කඩ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව පක්‌ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව තීන්දුවක්‌ ගෙන තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ සහ විධුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ තනතුරු සම්බන්ධවද එහිදී තීරණයක්‌ ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සංවිධානය කරන මැයි රැලියට සහභාගි නොවී වෙනත් පක්‌ෂයක්‌ හෝ කණ්‌ඩායමක්‌ සංවිධානය කරන මැයි දින රැලියකට මහින්ද රාජපක්‌ෂ මහතා හෝ මන්ත්‍රීවරයෙක්‌ සහභාගි වන්නෙ නම් මෙවර ඒ කිසිවකුටත් සමාව නොලැබෙන බව හෙතෙම වැඩිදුරටත් කීය.

Related posts

කටුනායක ගුවන්තොටේ ඉඩම් බදු දෙයි.. කොටසක් සිංගප්පූරුවට.. කොටසක් මැලේසියාවට

colombotoday

2022 අයවැය තෙවනවර කියවීම සම්මත වෙයි

colombotoday

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙන්න ඉල්ලයි !

colombotoday

මහින්ද මා කියූ දේ ඇහුවේ නෑ.. පැරදුනේ ඒ නිසයි.. එජාපය සමග සම්මුතියකට ගියේ ශ්‍රීලනිපය රැකගන්නයි

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday