චීනයේ බහුතරයක් මුස්ලිම් වැසියන් ජීවත්වන් ෂින්ජියෑන්ග් පළාතේ අන්තගාමී හා රැඩිකල්වාදී නම් තැබීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ජිහාඩ්, ඉමාම්, මුහම්මද්, මුජාහිඩ්, මෙදීනා, සදාම්, අර්ෆට් ඇතුළු නම් 29ක් මෙසේ තහනමට ලක් කර ඇති බවත්, මින් පසු අලුතින් උපදින දරුවන්ට එම නම් තැබීම තහනම් වන බවත් චීන මාධ්‍ය වාර්තා පවසයි.
අසාමන්‍ය ලෙස දිගු රැවුල් වැවීම තහනම් කරමින් සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුහුණු අවාරණ පැළඳීම තහනම් කරමින් Xinjiang බළධාරීන් විසින් මීට පෙර තහනමක් නිකුත් කොට තිබුණි.
Xinjiang පළාතේ මුස්ලිම්වරුන් මිලියන 23ක් පමණ ජීවත් වෙතැයි පැවසේ.