Colombo Today Local News

ඇමති පුතාගේ කැබ්රිය එකම පවුලේ හතරක් යට කරයි.. හතර දෙනාගේම පාදවලට බරපතල හානි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු පරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුණ එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඊයේ (24) සවස ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට මරු කර යවා ඇත.

ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ ඉගිනිමිටිය පළුගොල්ල මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම සිවු දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිට ඇති අතර, අධික වේගයෙන් පැමිණි කැබ් රථය යතුරු පැදියේ ගැටී ඇති අතර, යතුරුපැදිය පාරෙන් ඉවතට විසිවී තිබේ.

තුවාල ලැබූ පිරිසේ කාන්තාව සිව්මස් ගැබිනියක් බව ද පැවසෙන අතර, අනතුරින් සිවු දෙනාගේම පාදවල අස්ථි බිදී ගොස් දරුණු ලෙස තුවාල ලබා සිටින බවද සදහන් වේ.

අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නමැති අයෙකු පොලීසියට භාර වී තිබෙන අතර අදාළ කැබ්රිය රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් එකක් බවද පැවසේ.

Related posts

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

colombotoday

ජන සටන පාගමනේ මං එනවා.. ස්ථීරයි

colombotoday

බල්ලෙක් හපා කෑවාට අපි බල්ලව හපන්නෙ නෑ.. ජෝන්ගෙන් රාජිතට සැර ප්‍රහාරයක්

colombotoday

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

Admin

මධූෂ් සමග අත්අඩංගුවට පත් ඉම්රාන්ගේ අනියම් බිරියට කොටහේන්දී වෙඩි තබයි..

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin