Colombo Today Local News

කැබිනට් මාරුවෙන් සම්මුතිය කම්මුතු වන ලකුණු.. අගමැති ජනපති ප්‍රබල හබයක !

සිදුකීරීමට නියමිත කැබිනට් සංශෝධනය සහ ආණ්ඩුවේ ඉහළ තනතුරු මාරුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන අදහස්වලට අග්‍රාමාත්‍යවරයා දැඩි ප්‍රතිචාර දක්වා ඇති බවට වාර්තා වනවා.

පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා තමන් මුණගැසුණු පාර්ශව සමග රජයේ ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය පිළිබදව දැඩි තීන්දුවක් ගන්නා බවත්, ඉහළපෙලේ තනතුරුවල වෙනසක් සිදු කරන බවත් ප්‍රකාශ කර ඇත. මේ සතියේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානින් මුණගැසී ජනාධිපතිවරයා පැවසුවේ ලබන වෙසක් පෝයට කලින් ආණ්ඩුවේ තනතුරු ගනනාවක වෙනසක් සිදු වන බවයි.

තවද ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මත ලේක්හවුස් ආයතනයට නව සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන් පත් කිරීමට ගත් උත්සහය අනුව එහි වර්තමාන සභාපති අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහෝදරයකු වන කාවන් රත්නායක මේ වනවිටත් එම තනතුරින් ඉවත් වීමට තීරණය කොට ඇති බැව් අගමැතිවරයා වෙත දැනුම් දී ඇත.

මේ සියලු කටයුතු සම්බන්ධව ඉතා උපායශීලීව මෙන්ම දැඩිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය තීරණයන් මේ වනවිටත් එජාපය තුල අරගනිමින් සිටින අගමැතිවරයා අවශ්‍ය අවස්ථාවේදි නිසියාකාරව ප්‍රතිචාර දක්වනු ඇතයි පැවසේ.

Related posts

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

colombotoday

අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…

colombotoday

මහින්දගේ ගෝලයන්ට අගමැති බැලුම්හෙළයි.. බිළිබාගන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday