Colombo Today Local News

මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට.. මුල් පදිංචිකරුවන් පළවාහැරේ.. මාධ්‍යට වාරණයක් !

කර්මාන්ත ව්‍යාපෘති ඇතිකිරීම අරමුණු කරගනිමින් මාදුරුඔයෙන් අක්කර 54250 ක් චීනයට ලබා දීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ තොරතුරු වාර්තා සදහන් කරයි.

සෘජු ව්‍යාපෘතියක් ලෙස එයින් අක්කර 43250ක ප්‍රමාණයක් උක් කර්මාන්තය සදහා ලබා දීමට යෝජිතව ඇතැයිද පැවසේ.

තවත් පසෙකින් ගව පාලනයද සංවර්ධන ඉලක්ක අතර වෙයි. යුද්ධය පැවති සමයේ මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්වී ඇති අතර 2009න් පසු ක්‍රමානුකුලව නැවත එම ජනතාව සිය ගම් බිම් වෙත පැමිණි අතර සුපුරුදු පරිදි ගොවිතැන කටයුතු අරඹා තිබේ. එහෙත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම මුල්කරගනිමින් 2015 වසරේ සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ නැවත පදිංචි වූ ජනතාව අත්අඩංගුවට ගන්නා බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ වන විට ජනතාව ඉවත් කරමින් සිටින අතර මෙම තොරතුරු මාධ්‍යයට වාර්තාවීමද වැළැක්වීමට දේශපාලන බලාධිකාරය කටයුතු කරන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා සංවර්ධන මාදුරු ඔය ව්‍යාපෘති යෝජනාව කරළියට ගෙනවිත් ඇතිඅතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ සෘජුව ඊට මැදිහත්ව සිටින බව සඳහන්.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ප්‍රදේශවාසින් මෙම ව්‍යාපෘතියට අදාළ කරුණු 172ක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ඉල්ලා තිබූ අතර කරුණු 15ක් සඳහා පිළිතුරු ලැබී ඇතත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සඳහන් කරමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කර ඇති බවයි ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ මීට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොණු කර ඇති බවත් එය මෙම මස 27 වැනි දින විභාගයට ගැනීමට නියමිතව තිබේ.

සංවර්ධනයට මුවාවෙමින් ජනතාවගේ ඉඩම් හා රක්ෂිත ප්‍රදේශ විනාශ නොකරන ලෙස ජනතාව ඉල්ලා සිටියි.

Related posts

“ජනපතිට වරම ලැබුණේ උතුරෙන්.. නව ව්‍යවස්ථාවක් ගෙනත් බලය බෙදීමට ඔහු බැදී සිටිනවා“ – කිරිඇල්ල

colombotoday

ජනාධිපතිවරණය ගැන අවසන් තීරණයට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

රුපියලේ හුළං බහී

Admin