Colombo Today Local News

මීතොටමුල්ලේ මිය ගිය ගණන තවත් ඉහළට.. තව දුරටත් සෝදිසි මෙහෙයුම්

මීතොමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් හත් දෙනකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඊයේ (14) පස්වරුවේ මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් දහම්පුර ප්‍ර දේශයේ නිවාස 100කට ආසන්න සංඛ්‍යාවක් යට විණි. විපතට පත්වූවන් බේරා ගැනීම සදහා ආරක්ෂක අංශ ඊයේ රාත්‍රිය පුරාද විශේෂ මෙහෙයුමක් දියත්කර තිබිණි.

මේ අතර කුණු කන්ද කඩා වැටීමෙන් පසු එම ස්ථානයේ කාර්යන් සදහා යොදවා තිබූ බැකෝ යන්ත‍්‍ර දෙකකට කෝපයට පත් ප‍්‍රදේශවාසීන් ගිනි තබා තිබේ. සිද්ධිය වූ ස්ථානයට ගිය ඇමති ඒ.එච්.එම්. ෆවුසි මෙන්ම ප‍්‍රාදේශීය දේශපාලඥයින් කිහිප දෙනෙකුටම ජනතාව විසින් බැණ වැදී පන්නා දමා ඇත.

ඔවුන් චෝදනා කරන්නේ තම ඥාතීන් පණ ඇතිව හෝ නැතිව මෙම කුණු කන්දට යටවී සිටින බවයි

Related posts

බිරිඳක් මන්නයකින් කොටා ගිනි තබා සැමියා ඝාතනය කරලා

colombotoday

කල්පිටියේ අටක් ඉන්දිය ආරක්ෂක අංශ අත්අඩංගුවට

Admin

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත 118 දෙනාගේ කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ එකක් – කතානායක කරු

colombotoday

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයි

Admin

ජාතික ආරක්ෂාව තර්ජණයක් වෙන්න නම් “පරණ බඩුමුට්ටු” තව කොපමණ හමුවිය යුතුද? – ආරක්ෂක ලේකම්ගෙන් විමල් අසයි

colombotoday

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday