Colombo Today Local News

“ආර්ථික කාරණේදී රාජපක්ෂ ආණ්ඩුව ධන, මේ ආණ්ඩුව සෘණ“ – ඇමති ඩිලාන්

ආර්ථිකය හොදින් කළමනාකරණය කරගැනීමට හැකියාව ඇත්නම්, හම්බන්තොට වරාය චීනයට බදු දීමට අවශ්‍ය නොවන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ආර්ථික කළමනාකරණය අතින් රාජපක්ෂ ආණ්ඩුව ධන, බවත් වත්මන් යහපාලන ආණ්ඩුවේ හැකියාව සෘණ තත්ත්වයෙ පවතින බවත් පවසන ඇමතිවරයා, ආර්ථකය ධන තත්ත්වයෙන් පවත්වාගෙන ගියත් පසුගිය ආණ්ඩුව පරාජයට පත්වූයේ තනි මතයට වැඩ කිරීමට ගිය නිසා බවද හෙතෙම පවසයි.

“ආණ්ඩුවේ තිබුණු නිවැරදි ආර්ථික ක්‍රමවේදයකට මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික උපදේශකයන්ගෙන් උපදෙස් ලැබෙන්නේ නෑ. විශේෂයෙන් අගමැතිතුමාගේ ආර්ථික උපදේශකයන් බොහෝ දෙනෙකුගේ කකුල් තියෙන්නේ මහපොළොවේ නෙමෙයි අහසේ. පාස්කරලිංගම් මහත්තයා ගත්තත්, චරිත රත්වත්තේ මහත්තයා ගත්තත් ඉතාම හොඳ බුද්ධිමතුන්. නමුත් ඔවුන්ගේ කකුල් තියෙන්නේ අහසේ. තුන්වැනි කාරණය තමයි ආර්ථිකය ආපස්සට යන්න සිදුවුණේ වංචා හා දූෂණ නිසා. ගිය ආණ්ඩුවෙත් තිබ්බා. ඒත් මේ ආණ්ඩුවේ බැඳුම්කර චෝදනාව වගේ ගැන බලද්දි ආර්ථිකය ආපස්සට යන්න හේතුවෙලා තියෙනවා“ යැයිද හෙතෙම පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

දුම්රියක් පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

ආචාර්ය අතුලසිරි සමරකෝන් RIC සාමාජිකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

විසඳුම් නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

Admin

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday